- ස්ථීර විසඳුම් දීමට පෙර භූමියට ගිහින් බලන්න ...
- වන අලි ගම් වැදීම නතර කිරීමට දිගුකාලීන තිරසර විසඳුමක් ...
- වැරදි අර්ථ කථන දී ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ඉඩදෙන්න එපා ...
පුත්තලම “ගම සමග පිළිසඳරේදී” ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ....
ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
වගකිවයුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායක ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්රතිලාභ ජනතාවට අහිමිවීමට මුලික හේතුව බව “ගම සමග පිළිසඳර” ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බව ජනාධිපතිවරයා කියා සිටී.
නිලධාරීන්, ඒ ඒ ආයතන සහ ජනතා නියෝජිතයන් අතර කඹ ඇදීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වන ජීවි, වන සංරක්ෂණ, පරිසර, මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකිවයුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉඩම් පරිහරණයේ නිසි සැලැස්මක් නොමැතිවීම ජනතාව අතින් වූ වරදක් නොවේ. ඉඩම් ප්‍රශ්න ඇතුළු බොහෝ ග්‍රාමීය ජන ගැටළුවලට ස්ථීර විසඳුම් දීමේදී නිලධාරීන් භූමියට ගොස් සැබෑ තත්ත්වය සියැසින් දැක තීරණ ගැනීම ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන දෙති. එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අද (20)පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පලීගම ග්‍රාම නිලධාරී වසමට අයත් නෙළුම්වැව ප්‍රජා ශාලා භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 11 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
වන අලි ගම්වැදී සිදුකරන වගා සහ ජීවිත හානි ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින බරපතල හා දිගුකාලීන ප්රශ්නයකි. මේ ගැටළුවට පැලැස්තර පිළියම් සොයන්නේ නැතිව සැලසුම්සහගත දිගුකාලීන සහ ස්ථීරසාර විසඳුමක් දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. දිගු කාලීන විසඳුම් ලෙස කැලෑ අභ්‍යන්තරයේ වැව් ඉදි කිරීම, වන අලින්ගේ ආහාරයට අවශ්‍ය ගහ කොළ වගා කිරිම, විදුලි වැට සක්‍රීය කිරීම, අගල් කැපීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.
පලීගම වෙත පැමිණෙමින් සිටියදී තමා දුටු ජන ජීවිතයට බලපාන අඩු පාඩු ගැන සඳහන් කළ රාජපක්ෂ මැතිතුමා ඇල මාර්ග නිසි ලෙස නඩත්තු කර නැති බව පැවසීය. වැව්, වල් පැළෑටි වැවි ගොඩවී තිබේ. ජන ජිවිතය නැංවීමට නිසි සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවක් දක්නට නැත. ගොවීන්ගේ අස්වනු වැඩි කිරීමට පියවර ගත යුතු බව ද ඔහු කීය.
ප්‍රදේශයේ වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය පිළිබඳ ජනාධිපවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.
හීනටිකල්ම වැව, නෙළුම් වැව, මොරගහ වැව, ඉඟිණිමිටිය, තබ්බෝව, පුලියම්කුලම, කහටපිලියාව ඇතුළු ප්‍රදේශයේ වැවි සහ වේලි කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජාංගනය ජලාශයේ සිට කරුවලගස්වැවට ජලය ගෙන යාමේ ව්‍යාපෘතිය නව සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරිමට ද තීරණය කෙරිණ.
ආණමඩුව, හලාවත, නවගත්තේගම, තබ්බෝව, අලුත්වැව රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයටත්, වෛද්‍ය හෙද සහ සෙසු කාර්ය මණ්ඩල හිඟය පිටුදැකීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා අවධාරණයනේ පැවසීය.