වරකාපොල හමුදා - පොලිස් ගැටුවේ ලුතිනන්ට ඇප
(UPDATE) වරකාපොළ ඉන්ධන පිරවුම්හළක් තුළදී පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන්වරයා ඇපමත මුදාහැර තිබේ. සැකකාර ලුතිනන්වරයා වරකාපොළ මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර ඇත.
වරකාපොළඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබුණි.
වරකාපොල පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට ලැබුණ ඩීසල් තොගයක් වාහනවලට ලබාදෙමින් සිටියදී පෝලිමෙන් පිට පැමිණි වාහනයකට ඉන්ධන ලබාදිමට කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් පහරදී තිබේ.
මෙම පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ. පසුව පහරදුන් හමුදාවේ ලුතිනන් නිලයට අයත් නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොලට ඉන්ධන ලැබුණ පසු හමුදාව හා පොලීසිය මැදිහත්ව එය ජනතාවට ලබාදීමට කටයුතු කරන අතර පොලිම්වලින් පිට පැමිණෙන පුද්ගලයන්ට ඉන්ධන ලබානොදීමට කටයුතු කරයි.
popular news
-
Thushara Friday, 24 June 2022 03:55 AM
මේක news එක වැරදියටනේ දාලා තියන්නේ මේකේ සිද්දිය අනික් පැත්තයි වෙලා තියන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

