වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති ,මත් කරල් තොගයක් ද සමග රෝහල තුළදීම ඊයේ (12දා) රාත්‍රියෙහි අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල නියැදුරුපොල ප්‍රදේශයේ පදිංචි 27 හැවිදිරි අවිවාහක පුද්ගලයෙකු වන අතර මොහු කලක් යුද හමුදාවේ සේවය කර නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු බවද පොලීසිය පවසයි.
මෙම වැඩ පරීක්ෂකවරයා කාලයක පටන් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය හා පෙති කරල් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් පිරිසකට ද වරකාපොල නගරයේ හා රෝහල අවට පිරිස් වෙතද සිය රාජකාරී කාලය තුළ යතුරුපැදි හා වෙනත් විවිධ ක්‍රම භාවිතා කරමින් බෙදා හරින බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වරකාපොල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රණවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත. සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුද අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටි බවත් ඔහු සන්තකයේ තිබී විකිණීම සඳහා සූදානම් කළ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සමග මත් කරල් හා මත්පෙති තොගයක්ද අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කරගෙන යනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසින් වන අතර.මෙම වැඩ පරීක්ෂකවරයා එම ආයතනයෙන් පත් කරන ලද පුද්ගලයෙකි. වරකාපොල රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ ඔහු වෙත වෙන්කර ඇති රාජකාරී කාර්යාලය තුළදීම ඔහුගේ මිතුරන් හා මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් ගෙන්වා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට මීට පෙර ද අවස්ථා කිහිපයකදී තොරතුරු ලැබී තිබුණු බවත් මෙම සැකකරු මීට පෙරද මෙවැනිම වරදක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙකු බවත් පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුද තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති අතර වරකාපොල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පරණවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
