දිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වරකාපොල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුළදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කොළඹ - නුවර පාරේ ගමන් කර වරකාපොල ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත ව තිබේ.
මෙහිදී සභාපතිවරයාගේ පවුලේ උදවිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා පරිවර්තනය වී ඇත. ඒහිදී සභාපතිවරයාගේ බිරිඳ හා දරුවෙක් සුළු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන විට සභාපතිවරයා නිවසේ සිට නොමැත.