දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයෝ පන්ලක්ෂ දෙදහස් හයසිය අනූ දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61කට අයත් වන මෙම පිරිස පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින අතර, මීට අමතරව වගා හානිද සිදුව තිබේ.
මේ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15ක පවුල් 30,408කට අයත් පුද්ගලයෝ 110,156 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව සිටින අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04ක පවුල් 24,099කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක්,මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04ක පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 06කට අයත් පවුල් 7573ක පුද්ගලයන් 22,094ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 03ක පවුල් 3108කට අයත් පුද්ගලයන් 11,813ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රා‘දේශිය ලේකම් කොට්ඨාස 03කට අයත් පවුල් 3903කට අයත් පුද්ගලයන් 11482ක් පීඩාවට පත්ව තිබේ.
එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07කට අයත් පවුල් 6252ක පුද්ගලයන් 20,343ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 32,426කට අයත් පුද්ගලයන් 105,732ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05කට අයත් පුද්ගලයන් 4101ක පුද්ගලයන් 11,675ක් වියළි කාලගුණ තත්වය නිසා පීඩාවට පත්ව ඇත.
'අද' මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබුණද නියං තත්ත්වයකට එය පත් වී නොමැති බවයි.
එහෙත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා බවුසර් මගින් ජලය ලබාදීම සිදුකරන බවද ඔහු පවසා සිටියේය.වියළි ආහාර සලාක ලබාදෙන ලෙසට ඉල්ලීමක් මෙතෙක් ලැබී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.