වයඹ පළාතේ වැඩිම ළමා ගැබ් ගැනීමේ කල්පිටියේ
වයඹ පළාතේ වයස අවුරුදු දහතුනත් දාසයත් අතර වැඩිම ළමා ගැබ් ගැනීම් වාර්තාවන්නේ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයෙන් බැව් ,පසු ගියදා පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ.රූප සිංහ මහතා කල්පිටිය පොලිස් ස්ථානයේ දී ප්‍රකාශ කළේ ය.
අනාරක්ෂිත දරුවන් අපයෝජනයට ලක්වීමට පෙර ඔවුන් හදුනාගෙන ඔවුන් සුරක්ෂිත කිරීම වඩාත් ඵලදායී බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය .පුත්තලම කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශ ඒකකය මගින් කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ අනාරක්ෂිත දරුවන් සොයා යාමේ වැඩ සටහනේ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වූ නිළධාරීන් අමතමින් ඒ මහතා මෙසේ අදහස් දැක් වූයේ ය.
"දැනට කල්පිටියේ අනාරක්ෂිත දරුවන් 101 අපට වාර්තා වී තිබෙනවා. වාර්තා නොවූ දරුවන් සන්ඛ්යාව මීට වඩා බොහෝ ඉහළ විය හැකියි. මෙම දරුවන් ඇතුලු වින්දිත දරුවන් හදුනා ගැනීම,ඔවුන්ගේ භාරකාරත්වය ඇතුලු තොරතුරු රැස් කිරීම,මෙහිදී මූලික පියවර වශයෙන් සිදු කෙරෙනවා.
දරුවන්ගේ සුරක්ෂිත භාවය පිළිබදව ක්‍රියාත්මක වීමටත්,ඔවුන්ගේ භාරකාරත්වය තව දුරටත් වත්මන් භාරකාරත්වය යටතේ තැඹිය හැකි ද නැතිනම් පරිවාස භාරයට පත් කරන්නේ ද යන්න මෙහිදී අප තීරණය කරණවා.ඒ තුලින් සමාජ ගැටලු අවම කර රටට වැඩදා දරු පරපුරක් බිහි කිරීම අපේ අරමුණයි"
මෙම වැඩ සටහනේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් අටක මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.පොලිස් නිළධාරීන් හා නිළධාරීනියන් වින්දිත හෝ අනාරක්ෂිත දරුවන් පිළිබදව ඍජුවම මැදිහත් වීම මෙහිදී සිදු වේ.
මෙම වැඩසහනේ පළමු ක්‍රියාන්විතය අවසානයේ අනාරක්ෂිත දරුවන් 70 ක ගේ තොරතුරු සම්පාදනය කර ගැනීමට හැකි වී තිබිණි.එම තොරතුරු පාදක කොට ගනිමින් පුත්තලම කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශ ඒකකය ඉදිරි කටයුතු දියත් කිරීමට නියමිතය.
කුමාරි කොට්ටහච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

