වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ඡායාරූපයක් මුදලට මිලදී ගෙන පළාත් පාසල්වල ප්‍රදර්ශනය කරන ලෙසට වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට බලපෑම් එල්ල කරන බව විදුහල්පතිවරු සඳහන් කරති.
මීට අදාළව කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මේ වනවිටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පළාත් පාසල් වෙත ලිපි යවමින් දැනුවත් කර තිබෙන බවද විදුහල්පතිවරු පෙන්වා දෙති.
මේ අනුව අඟල් 12 x 15 ප්‍රමාණයේ රාමු කරන ලස පිංතුරයකට රුපියල් 850ක මුදලකුත්, අගල් 16 x 24 ප්‍රමාණයේ ඡායාරූපයකට රුපියල් 1950කුත් අවශ්‍ය බවට අදාළ ලිපිය මගින් දැනුවත් කර තිබෙන බවද එම පිරිස් සඳහන් කරති.
මීට අදාළව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාද ලිපියක් නිකුත් කර තිබෙන බවත්, මෙම ලිපි පදනම් කරගෙන කලාප අධ්‍යාපන කාර්යාල හරහා විදුහල්පතිවරුන්ට මෙම බලපෑම සිදු කරන බවත් විදුහල්පතිවරු පෙන්වා දෙති.