ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
විදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (20දා) පැවැති රැකියා විරහිත උපාධිධාරීන් 4100ක් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ආණ්ඩුවක් අසීරු තීරණ ගනිද්දී ජනතාවද ඒ බර කරට ගත යුතු බවද එහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව පත්ව ගත වූ වසර 03ක කාලය රටේ අනාගතය සකස් කිරීම උදෙසා වැය කළ බවත්, ඒ අනුව සකස් කළ එම අනාගතය කරා ගමන් ඇරඹීමේ කාලය උදා වී ඇති බවත් පෙන්වා දුන්නේය.
නිදර්ශනී වික්‍රමසිංහ/ ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Champa Monday, 20 August 2018 06:59 PM
මහින්ද පරදින්න ඉස්සෙල්ල තිබ්බ ලංකාවයි අද ලංකාවයි දිහා බලපුවහම අපිටත් ඇඬෙනවා. රටම කුරිරු ත්‍රස්තවාදයෙන් වෙලා ගත්ත 2009ට කලින් ලංකාවට දියුණු වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. රටේ ධනයෙන් විශාල මුදලක් වැය වුනේ ආරක්ෂාවට. 2009 මහින්ද ත්‍රස්තවාදය පරද්දල යුද්ධයෙන් කඩා වැටිලා තිබ්බ රට ගොඩ නඟන්න ගත්ත. අවුරුදු 5යි ඒකට ඉඩ දුන්නේ. කවදාවත් පරාජය කරන්න බැහැයි කිව්ව LTTE එක පරද්දල ඊට පස්සේ මහින්ද සංවර්ධනය අතින් කරපු විප්ලවයට බයවෙලා, ලංකාවේ සීඝ්‍ර දියුණුව දකින්න බැරිවුණු විදේශ රටවල් එක්ක එකතු වෙලා ඔබයි මෛත්රීයි රටක් වටින නායකයෙක්ව ගෙදර යැව්වා. රට ඊට පස්සේ අගාදෙට ගියා. 2014දි ලෝකබැංකුව කිව්වා මහින්දගේ ලංකාව දකුණු ආසියාවේ සීග්‍රයෙන්ම දියුණුවෙන රට සහ චීනෙට පස්සේ ආසියාවේ වැඩිම ආර්ථික වර්ධනයක් ලබා ගත්ත රට කියලා. එහෙම දියුණු වෙමින් ආපු රට මංකොල්ල කාපු ඔබ, ලංකාව විනාශ කරපු ඔබ අද වෙන රටවල දියුණුව ගැන කතා කරනවා. ඒවා බලනකොට ඇඬෙනවා කියනවා. ඔබ දැන් ඔය කරන්නෙත් ලංකාවට කවදාවත් නැගිටින්න බැරි වෙන්න සම්පත් විකුනන එකයි රටට අහිතකර වෙළඳ ගිවිසුම් ගහල ලංකාව වෙන රටවලට මංකොල්ල කන්න ඉඩහදන එකයි. ඔබ වගේ ද්‍රෝහියෙක් තවත් නැහැ.
Reply : 216 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd