ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුවිය.
වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (27දා) මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීමට දෙපාර්ශ්වයම කටයුතු කළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.