විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට 19 දා සවස නිරීක්ෂණ චාරිකාවකට පැමිණේයේය.
ආර්ථික මධ්‍යස්ථානයේ තොග ව්‍යාපාරිකයින් සමග සමග සුවද සාකච්ඡාවක යෙදුණු විපක්ෂ නායකවරයා ආර්ථික මධ්‍යස්ථානයේ ඇති අඩුපාඩු සහ ගොවි ගැටලු ගැන ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.
එහිදි විපක්ශ නායක වරයා මෙසේ පැවසීය.
ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික කරන්නේ යන දේ ගැන අපි දකින්නේ ඇත්ත වශයෙන්ම වර්තමාන රජය මට මතකයි මැතිවරණ වේදිකාවේ වමට සිග්නල් දැම්මේ හැබැයි යන්නේ දකුණටත් එහා ඉතාමත්ම අවිධිමත් ආකාරයට.
අපේ රටේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන දහඅටක් කින් දහතුනක් සක්‍රීව තිබෙනවා ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පැවරීමේ සැලසුම් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරීත්වයත් එක්ක සාකච්ඡාවකින් තොරව මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්නට අධිෂ්ඨානය කරනවා නම් ව්‍යූහාත්මක වෙනසක් ඇති කරනවනම් ඒ ව්‍යුහාත්මක වෙනසෙන් යම්කිසි ප්‍රතිලාභයක් රටටත් ජනතාවටත් ලැබෙනවාම් ඒ ගැන විග්රහ කරන්න ඕන, ඒ ගැන විස්තර එළිදක්වන්නට ඕන, විවෘතව කතා කරන්නට, ඕන ඒකට තමයි වග කීම සහ වග වීම කියලා කියන්නේ.
ඒ කිසිම දේකින් කච්ඡාවකින් සම්මුතියකින් තොරව මේ වගේ සැලැස්මක් දියත් කිරීම තුළින් ඇත්ත වශයෙන්ම ගොවි ජනතාව තුළ විශාල සැකයක් ඇතිවෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව ගෙත් ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් සැක සංඛ්‍යාවක් දැනටමත් නිර්මාණය වෙලා හමාරයි.
දැන් අපි මේක පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරලා ඇත්ත වශයෙන්ම රජය මේ මොකක්ද කරන්ඩ යන්නේ කියලා මොකක්ද මේ දේ කරන්නට හේතුව මේ වගේ වාසි අවාසි මොනවද ජනතාවට වෙළඳ ප්‍රජාවට මේවා ගැන විග්‍රහයක් කරන්නට ඕන.
මේ හැම විස්තරයක්ම ජනතාවට ඉදිරිපත් කරන්න ඕන එහෙම නැතුව තම තමන්ට හිතුන හිතුණ ආකාරයට මේවගේ තීන්දු තීන්න අරගෙන කටයුතු කිරීම අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා.
තඹුත්තේගම ධර්මකීරති
