ආණ්ඩුවේ හිතුවක්කාරි අදුරදර්ශි වගකිම් විරහිත පාලනය හේතුවෙන් රට බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ පවතින ගැටලු හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් වෙනස් කල යුතු බවයි.
මෙරට ජනතාව එක වේලක් හෝ පෝෂදායි ආහාර වේලක් ගැනිමට නොහැකි තරම් අන්ත අසරණව සිටින මොහොතක ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක්වේලකට සිමා කරන්නයැයි ප්‍රකාශ නිකුත් කිරිම හරහා ආණ්ඩුවේ සෞභාග්‍ය දෝරේගලා යමින් තිබෙන බව විපක්ෂනායකවරයා සඳහන් කළේය.