සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ඇමතිවරයා විපක්ෂ නායක ධූරයට තම නම යෝජනා කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය තුළ භේද ඇතිකරීමේ අරමුණනින් සිය නම යෝජනා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (06දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“2015 ජනවාරි සිට ජූනි දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දැරුවේ නිමල් සිරිපාල මැතිතුමා. එතුමා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන අතරේ සංධානයේ මන්ත්‍රිවරුන් දින සීය ආණ්ඩුවේ ඇමති ධූර දැරුවා. සන්ධානයේ ඇමතිවරු සිටින අතරේ නිමල් සිරිපාල ඇමතිතුමාට හොඳ විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට නරක වෙන්නේ කෙසේදැයි ආණ්ඩුවේ මැති ඇමතිවරු රටට පැහැදිලි කළ යුතුයි.
දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කියා කතානායකතුමාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රිවරුන් අටදෙනා අතරේ මමත් ඉන්නවා. විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලබා දිය යුතු බව අපේ කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. විපක්ෂ නායක තෝරන වැඩේ ආණ්ඩුව කරන්න ඕනෑ නෑ. ඒ නිසා අපි අතර භේද ඇති කිරීමේ අරමුණින් අපේ නම් යෝජනා කරනවා වෙනුවට ඔවුන් සිදුකළ යුත්තේ විපක්ෂනායකධූරය අපට බාර දීමයි. පත් කළ යුත්තේ කවුදැයි කියන එක අප බොහොම සමගියෙන් ඒකමතිකව දැනටමත් තීරණය කර හමාරයි.” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.