මොණරාගල දිස්ත්රික්කයේ මඩුල්ල ප්රාදේශීය සභාව සඳහා 2023 පළාත් පාලන මැතිවරණයට දිරිපත්වීමට සුදානම්ව සිටි රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට එම මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් දැනුුුුුම්දී තිබේ.
මෙම මැතිවරණයට ග්රෝත්රයේ නායකයන් ඉදිරිපත් නොවී කැකුලකු හෝ වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමට අනුමැතිය දී තිබුණත් වෙනත් අයෙකු ඉදිරිපත් නොවු නිසා තමා ඉදිරිපත් වීමට ඉල්ලු යෝජනාවට වන්නිල ඇත්තන්ගෙන් අනුමැතිය නොළබුන බව සුදා වන්නියා කියයි.
"රතුගලට කිසිම රජයකින් සෙතක් වුනේ නෑ. අපේ පවුල් 150ක් විතර ඉන්නවා ජන්ද 600ක් විතර තියෙනවා අපි ජන්දය ඉල්ලුවානම් රතුගල, නිල්ගල, ගල්ගමුව නෙල්ලියද්ද ගම්වලින් ජන්ද 1500ක් විතර ඇගෙන කොටිඨාශයක් අනිවාරියෙන්ම දිනන්න පුළුවන්.
මෙවර ජන්දයට මම කණ්ඩායමක් දාන්න ගියා වන්නිල ඇත්තන් එපා කීවා. වෙන අපේ කැකුලෝ ඉදිරිපත් වුනේ ණෑ .අපි ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. වෙනත් පක්ෂ වලින් ජන්දයට විතරක් ගමට ඇවිත් බොරු කියලා ජන්දය ඇරන් ගියාම නැවත ජන්දයකදි විතරයි ඒ අය නැවත ගමට එන්නේ. මේක හැමදාම කරන්න බෑ. අපිත් ප්රදේශයේ රටේ නායකත්වය ගන්න ඕනි"
ලුණුගල ප්රසන්න පත්මසිරි