ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
2016 වසරේ ජනවාරි මාසයේදී ප්‍රසන්න ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු තනතුරට පත්කිරිමට එවකට ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ඉන් අනතුරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ නඩු කිහිපයකම විනිසුරු මඬුල්ලට ඔහු ඇතුළත් විය.