වනජීවී නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
දිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.
දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් හෙට (17දා) දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහත පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා අද (16) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එ බැව් කියා සිටිහ.
“වසර ගණනාවක සිට පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සඳහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කරලා තියෙනවා, සමස්ත රාජ්‍යය නිලධාරින්ට වඩා අපි පැය 350 ක් සේවය කරනවා.
කිසිදු රාජ්‍යය ආයතනයකින් කිසිදු ඇගයිමකට ලක් කරලා නැ , අපේ රාජකාරියේ සුවිශේෂිත්වය ඔවුන්ට වැටහෙන්නේ නැ.
වන සතුන්ගෙන් සිදු වන පීඩා කොයි වේලාවේ සිදු වෙයිද කියලා දන්නේ නෑ. එ නිසා අපිට රජයේ නිවාඩු , පොහො දින සියල්ලේම වැඩ කිරිමට සිදු වෙලා තියෙනවා.
අපගේ කැපවිමට කිසිදු අගය කිරිමක් සිදු කරලා නෑ, මේ නිසා තමයි අපි තිරණය කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට.
මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය මේ දිමනාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සමත් වෙලා නැ.
රටේ පවතින කොරොනා තත්ත්වය නිසා අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළා”.
popular news
-
Prabath Thursday, 16 July 2020 06:48 PM
wali muwek ballek allala eka bara denna hathara dig bagetama katha kala. call karama arahen mehata mehen araheta kiyala thamai anthimedi hasalak aran giye. monawa kalada danne naha. Satha pahak wadi karanna epa. Saththu unta one widiyata ohe hitiyata kamak naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

