බලන්ගොඩ පොලිස් වසමේ මඩුගස්තලාව ප්‍රදේශයේ ඇති ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමිනමක් අද (14දා) උදෑසන පිණ්ඩ පාතය සඳහා වැඩම කරමින් සිටියදී වන අලියෙකු පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අපවත් වී ඇති බවට බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 54 ක් වූ මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමිනමකි.
දේහය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.