වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපානාගල වැව ඉස්මත්තේ රක්ෂිත වනයේදී වනඅලියෙකු පහරදීමෙන් සිව්දරු පියෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හඳපානාගල පුබුදුවැව අංක 03 හි පදිංචි තිස්සකුට්ටිආරච්චිගේ ප්‍රේමදාස (65) නැමති සිව්දරු පියෙකි.
හෙතෙම හඳපානාගල වැව රක්ෂිතයේ පවත්වාගෙන යන සිය ගවගාලට කිරිගැනීම සඳහා යන අවස්ථාවේදී රක්ෂිතයේ සිටි වනඅලියෙකු ඔහුට පහරදීමෙන් සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් ඇත.
මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් රත්නායක මහතාගේ උපදෙස් පිට උ.පො.ප නන්දපාල මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක