ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට කටයුතු ළේ යැයි චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද (10දා) නියම කළේය.
චූදිතයා එම චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව මෙම දඩ මුදල් නියම කළේය. මෙසේ දඩ නියම වූයේ ඩිපෝව හංදිය, තරුණ සේවා සභාව අසළ, කැකිරාව ලිපිනයේ පදිංචි ආර්.එම් රසික ගිම්හාන් ධනංජය රාජසිංහ නැමැති කැබ් රථ රියදුරෙකුටය.
වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ වන සතුන්ට අවහිර කිරීම් සහ හිංසා කිරීම් තහනම් මාර්ගයක් ලෙස, නම් කර ඇති ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේදී 2021 දෙසැම්බර් 25 වන දින සැකකරු එම වරද සිදු කර ඇති බවට, වනජීවී නිලධාරීහු ඔහුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ, උද්‍යාන භාරකරු ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. එල්.කේ. වාසල මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු කීවේය.
