ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටිය පාසල් සිසුවෙකු අද (21දා) අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි.
වී වෙළදාමේ කටයුතු වල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද (21දා) අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කියයි.
තිසාවැව දේවානම්පියතිස්සපුර පල්ලිය අසලින් දිවෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොල් පැලයක් කා දමමින් සිටි වන අලියෙකු දැක පැමිණි යතුරු පැදිය එම ස්ථානයේ අතහැර දමා නැවත පැමිණි දිසාවටම දිව යන අවස්ථාවේදී මීටර 100ක් පමණ දුරින් සිටි වෙනත් වන අලියෙකු මෙම සිසුවාට පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම පාසල් සිසුවා මෙවර ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව 12 ශ්‍රේණියට සඳහා පාසලට ඇතුළු වීමට අයදුම්පත්‍ර භාර දීමට අනුරාධපුර, සහිරා විද්‍යාලයට යාමට සූදානම්ව සිටියදී අද (21දා) අළුයම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට ජීවිතක්ෂයට පත්වූ බව මෙහිදී ඥාතීහු පැවසූහ.
දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.
