වනඅලින් පිළිබඳව පැවැත්වීමට සූදානම්ව තිබූ දීපව්‍යාප්ත සමීක්ෂණය පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබේ.
මෙම දීපව්‍යාප්ත වනඅලි සමීක්ෂණය පසුගිය වසරේ සැප්තැම්බර් මස 23, 24 සහ 25 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, මේ නිසා එම දින තුන තුළදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවාස වසා තබන බවටදවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ ජූලි 24 වැනිදාප්රකාශයක් සිදු කළේය.
කිසිදු හේතුවක් නොමැතිව එම සමීක්ෂණය සිදුකිරීම කල් දැමූ අතර,දීපව්‍යාප්ත වනඅලි සමීක්ෂණය කඩිනමින් කිරීමටත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැත.
අවසන් වරට වනඅලි සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2011 වසරේදී වනඅතර, එම සමීක්ෂණයට අනුවරටතුළවනඅලි-ඇතුන් පන්දහස් හත්සීයකට අධිකප්රමාණයක් ජීවත්වන බවට ප්‍රකාශයක් නිකුත් කෙරිණි.
එම සමීක්ෂණයසිදුකළ වර්ෂයේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ සෑම වසරකදීම වනඅලි-ඇතුන් 250 බැගින් ආසන්න වශයෙන් මියගොස් ඇති අතර, අද වනවිට රටතුළ කොතරම් වනඅලින් ප්‍රමාණයක් සිටිනවාද යන්න කිසිදු වගකිවයුතු ආයතනයක් සතුව වාර්තා නොමැත.