ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතා ආසන්න කාලසීමාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සහ සමාජිකයින් අතර මත දෙකක් නිර්මාණය වී ඇති බව අද පුවත්පතට වාර්තාවේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර නිල නොවන මට්ටමේ එගතවයකට පැමිණ තිබුණද එම පක්ෂවල මන්ත්‍රීවරුන් බහුතරයක එම අදහසට විරැද්ධ අදහසක් දරන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම්, ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු අතර, එමෙන්ම ඒහා සම්බන්ධ තවත් නීති සංශෝධනය කළ යුතුව ඇත.
රට තුළ සියලු දේශපාල පක්ෂ ජනාධිපතිවරණයට සූදානම් වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි බැරූරුම් කාරණා සඳහා යොමු නොවිය යුතු බව එම පක්ෂවල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුරයකගේ මතය වී තිබේ.
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ අවසන් අවස්ථාවේදී සහ පාර්ලිමේත්තු කාලසීමාවේ අවසන් අවස්ථාවේදී එය සිදුනොකළ යුතු බවද ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ නායකයන්ට දැනුම්දී ඇති බවද වාර්තා වේ.
එසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ නායකයන් අතර නිල නොවන එකඟතාවක් ඇති වී ඇති බවටද තොරතුරු අනාවරණය වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී විධායන ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයිද දේශාපාලන ආරංචිමාර්ග 'අද' පුවත්පට පැවසීය.
එසේ වුවද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයේ සාකච්ඡා කර නොමැති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයේන් ප්‍රධාන පක්ෂවල සාමාජිකයන්ගෙන් 'අද' කළ විමසීමකදී ඔවුහු මෙසේ සඳහන් කළහ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය අජිත් පී. පෙරේරා,
"ඉහළ පෙලේ සාකච්ඡාවක් තිබුණා කියලා අපටත් ආරංචි වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි පෙනීසිටිනවා. නමුත් සජිත් ප්‍රේමාදාස විධායන ජනාධිපති වෙන එක වළක්වන්න කුමන්ත්‍රණයක් දියත් වෙනවා නම්, අපි ඒවාට නැහැ.
ව්‍යවස්ථා සංශෝධනයක් වියයුත්තේ නැවුම් ජනවරමක් සහිත අලුත් නායත්වයක්, අලුත් පාර්ලිමේන්තුවක් සමගයි. තමන්ගේ ධුර කාලයේ අන්තිම සති කිහිපය ගතකරන ජනාධිපතිවරයෙක් සහ තමන්ගේ ධුර කාලයේ අන්තිම මාස කිහිපය ගතකරන පාර්ලිමේන්තුවක් සමග මෙවැනි පුළුල් සංශෝනයක් කරන්න යනවා නම්, ඒ කුමන අරමුණකින්ද කියලා අපට හිතන්න සිදුවෙනවා.
සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම නියත නිසා රාජපක්ෂ කඳවුරයි, රාජපක්ෂ කඳවුරට විරුද්ධ කඳවුරයි ඒකමතිකත්වයට එන්න හදනවාද කියලා අපට සැකයක් තිබෙනවා.
ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමට සති කිහිපයක් තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි එකඟ නැහැ. අපේ සන්ධානය තුළ එවැනි දෙයක් සාකචඡා වුණෙත් නැහැ"
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා,
"විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පුළුවන් තත්ත්වයක් කලින් තිබුණා. ඒ අවස්ථාවේදී හැමෝම මගහැරියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඒ අවස්ථාවේදී අකමැති වුණා. ජනාධිපතිවරණය හෙට අනින්දා කැඳවීමට නියමිතව තිබියදී දැන් එයට කාලයක් නැහැ.
ජනාධිපති, අගමැති, විපක්ෂනායක අතර තිබුණ සාකච්ඡා මොනවද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපි ජනාධිපතිවරණයට ලෑස්තියි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අපි පෙනීසිටිනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරිපක් කළ 20 වැනි සංශෝධනය තිබෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරණයට අපි දැන් සුදානම්."
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා,
"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට අපි පක්ෂයක් විදිහට දීර්ඝ වාර්තාවක් ලබාදුන්නා. ආසන්නයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එවැනි දෙයක් සාකච්ඡා වුණේ නැහැ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, ඒ සම්බන්ධයෙන් බැඳුණු සියලු කාරණා මැතිවරණ ක්‍රමය ආදියේ සියලු සංශෝධන සිදුවිය යුතුයි. එහෙම නැතිව විධායක ජනාධිපති ධුරය පමණක් අහෝසි කිරීම පමණක් අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තක්. මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ අවස්ථාවේදී අපේ මතය කියන්නම්."
ශ්‍රී ලංකාවේ විධායක ජනපතිවරු..