ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ බවට ඊයේ (02දා) මධ්‍යම රාත්‍රිය වන විට තහවුරු කරගත් රෝගීන් 1682න් රෝගීන් 510ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම ඒ අතරින් තවත් 763ක් නාවික හමුදා රණවිරුවන් බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට නාවික හමුදා රණවිරුවන් 424ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් තවත් 339ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවැසීය.
ගතවූ දින 30ක කාලය තුළ සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.