කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක් දඹුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් ඊයේ (8) දින පස්වරුවේ සොයා ගන්නා ලදී.
කොරෝනා වසංගත සමයේ 11 දින රට අරිද්දි මේ ලුණු තොගය නැවත වෙළදපළට යැවීමට සැලසුම් කර තිබු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම පවසති .
කාන්තාවන් 50 ක් පමණ යොදාගෙන මෙම ස්ථානයේ නරක් වූ ලූනු සුද්ද කොට හොඳ ලූනු වලට කලවම් කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවා අලෙවි කරන බවට දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පිහිටි අතහැර දමා තිබු මෙම වී මෝල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ප්රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම පරීක්ෂාවට ලක් කිරීමේ දී දැඩි දුර්ගන්ධ සහිත මෙම ලූණු තොගය සොයාගෙන තිබේ.
ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ගෙනා ලූනූ තොග මෙහිදී තිබී ඇත. ඉන්දියාවෙන් ගෙන්වූ ලූනු තොගය නරක් වූ ඒවා බවත් අනිත් රටවල් වලින් ගෙන්වූ ලුනු සමඟ කලවම් කොට නැවත ඇසුරුම් කිරීම මෙහි සිදුකෙරෙන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මෙම ලොකුළුනු ගෙන්වූයේ කවුරුන්ද කවදාද මෙරටට ගෙන්වීමේදී අවශ්‍ය ලියකියවිලි තිබේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරිකයින්ගෙන් විමසීමේදී කිසිවක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ දිගින් දිගටම මෙම ජාවාරමක් ලෙස ලූනු සහ අර්තාපල් අල නරක් වූ ඒවා හොද ඒවා ලෙස කලවම් කොට අලෙවි කිරීම සිදු කෙරෙන නිසා දිරියේදී මීට වඩා දැඩි නීතිරීති පැනවීමට අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.
වහාම මෙම ආහාරයට නුසුදුසු ලොකු ලූනු සියල්ල භූමිතෙල් දමා වළ දැමීමට එකඟතාවය පළ කෙරිණි. ඒ අනුව අද 09 දින පෙරවරුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මේවා විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස