පසුගිය රජය සමයේ මෙරටට විදේශ බොහෝ ආයෝජන ලැබුණ බව පැවසුවත් ඒ සියල්ල අසත්‍ය බවත් ඒ සම්බන්දව සොයා බැලිමක් ආරම්භ කර ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එය විමර්ශනයකට වඩා ජනතාව දැනුවත් කිරිමක් බවද රඹුක්වැල්ල මහතා පැවැසිය.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුයේ ඊයේ (01දා) පස්වරුවේ මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදිය.
හම්බන්තොට තෙල් පිරිපහදුව ඩොලර් මිලියන 23 ක දැවැන්ත ආයෝජනයක් බව පසුගිය රජය පැවැසුවත් මේ වන විට ඒ සම්බන්ධව පෙර සෝදිසියක් කරමින් පවතින බවත් දැනගන්නට ඇති පරිදි එවන් ව්‍යපෘති කිසිම දෙයක් මෙරට ඇති වී නොමැති බවද රඹුක්වැල්ල මහතා පැවැසිය.
අයෝජකයන් මෙරටට පැමිණි පසු ඔවුන්ගේ මුලු ආයෝජනයෙන් සියයට 10 ක් මෙරටට ගෙනවිත් අනිකුත් මුදල් ලංකාවේ බැංකු වලින් ලබා ගන්නා බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ බැංකු තුළ මෙරට ජනතාවගේ මුදල් පවතින හෙයින් ආයෝජකයින් පැමිණෙනවානම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.