USEA සහ USAID විසින් බළශක්ති ක්ෂේත්රයට ආදර්ශමත් කාන්තා නායකත්වයක් ලබා දෙන චරිතය ලෙස මැයි මාසය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇගයීමට ලක් කරයි.
එක්සත් ජනපදයේ බලශක්ති සංගමය USEA හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ සංගමය USAID විසින් මාසිකව ලෝකයේ විවිධ තරාතිරම්වල සිට බළශක්ති වැඩ පිළිවෙළ ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන නිලධාරිනින් , හා සමාජ ක්‍රියාකාරි කාන්තා චරිත එක් එක් මාස වල දී ඇගයීමට ලක් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරයි.
මෙම වැඩ පිළිවෙළ හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ “බලශක්තිය තුළ කාන්තාවෝ Women In Energy “ යන නමිනි.
පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති බලශක්තිය පිලිබඳ අන්තර්ජාතික වැඩ මුළුවක දී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍රියාවලිය සම්බන්ධව වසන්තා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ වාර්තාව හා ඇය විසින් සාකච්ඡා වටයේ දී සිදු කළ පැහැදිලි කිරීම් එම සමුළුවේ ඇගයීමට ලක්විය.
ඒ් අනුව ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දෙමින් එම ආයතන දෙක විසින් 2020 මැයි මාසය තුළ ආදර්ශමත් නායකත්වයක් ලබා දෙන කාන්තා චරිතය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියයි.
වසන්තා පෙරේරා මහත්මිය වර්තමානයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන අතර ඇය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශවල නිත්‍ය ලේකම් ලෙස සේවය කර ඇත.
ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) නිලධාරිනියකි. විවිධ අංශවල සේවය කර ඇති ඇය මුදල්, ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන තනතුරු වල සේවය කර ඇත.ඇය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහා විදේශ ආධාර සම්බන්ධීකරණ ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක සහ සුනාමි ප්‍රතිසාධන ව්‍යාපෘතියේ ද ලෙස සේවය කර ඇත. 2010-2012 කාලය තුළ ඇය Washington DC හි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද සේවය කළාය.