වතුකරයේ ජනතාවගේ ආදායම් තත්වය ඉහළ දැමීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වතුකරයේ ජනතාවගේ ආදායම් තත්වය ඉහළ දැමීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් (19) දින කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු තිරිම සදහා (19) දින තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ප්රචාරක රැස්වීක් අමතමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ ගමේ සංවර්ධනය සිදු කිරිමට අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත්, එම සංවර්ධන කටයුතු සිදු කිරිමට පළාත් පාලන ආයතන වල බලය ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙසයි.
