වතු කම්කරු දිනක වැටුප රු 1500ක් කරනවා
ආණුඩුවේ අරමුදල් උපයෝගී කරගෙන හෝ වතු කම්කරු වැටුප රුපියල් 1500/- දක්වා වැඩි කරන බව නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයී.
ජනාධිපතිවරණ ජන රැළි මාලාවේ හැටන් නගරයේ ප්‍රධන බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (20දා) පස්වරුවේ පැවති ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
“රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ වතුකරයේ ලක්ෂ 12 කට පුරවැසිභාවය ලබා දුන්න එක මම මේ අවස්ථාවේ මතකු කරනවා.
අපේ වතු කම්කරු ජනතාවට කොපමණ මුදලක්ද ලැබෙන්නේ. දවසකට හත්සියයක් හෝ හත්සිය පනහක්. ඒ මුදලට මාසයකට වැඩ කරන්න වෙන්නේ දින 20 යි.අපි නිකමට හත්සීයයි කියල කියමු. මිත්‍රවරුණි දවසකට 700/- ගානේ මාසයකට රුපියල් 14,000/-යි.
ආණ්ඩුවේම ජන හා සංඛ්‍යා ලේබණ දේපාර්තමේන්තුව කියනවා පනස් දහසත්, පනස් පන්දහසත් අතර මුදලක් ඕන හතර දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න කියලා. ඒ සංඛ්‍යා ලේඛණය දැන දැනම වතු කම්කරුවන්ට දෙන්නේ හත් සියයක් නම් ඒක මහා පාපකාරී වැඩක් විදියටයි මම දකින්නේ.
මම කොහොම හරි කරලා ආණ්ඩුවේ අරමුදල් හරි උපයෝගී කරගෙන ආදරණීය වතු කම්කරු ජනතාවට අඩුම ගාණේ දවසක දීමනාව 1500/- කරන්නට අපි ඇප වෙනවා, කැපවෙනවා.”
ගාමණී බණ්ඩාර

popular news
-
Bandula. Monday, 21 October 2019 11:06 AM
දැන් මෙතුමා මීට කලින් හිටියේ විරුද්ද පක්ෂේද? අනේ මන් දන්නේ නැහැ ඓඉ මෙතරම් බොරු කියන්නේ කියල?
Reply : 2 1
Dayan Monday, 21 October 2019 11:29 AM
නත්තල් ළඟයි. නත්තල් සීයල ගොඩයි.
Reply : 0 0
nolla Monday, 21 October 2019 11:51 AM
හා…. හා…. හා……. හා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

