නූතන ඩිජිටල් සංග්‍රාමයට හසුව අසන්නට සහ දකින්නට පමණක් හුරුව සිටින වත්මන් පරපුරට කියවිම යළි හුරුකළ යුතුව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගහැරුණු වගකීම ඉටුකරන්නට අවැසි නායකත්වය නොඅඩුව ලබාදෙන්නට තමා සූදානම් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් “දරුවොත් එක්ක කියවමු ” මැයෙන් සංවිධානය කරන ලද ජාතික කියවිමේ මාසය- සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙලක්ෂහතලිස්දහසකට ආසන්න ගුරුවරුන්ගෙන් 60,000ක් ප්‍රාථමික ගුරුවරුන් වන බවත්, ඔවුන්ගෙන් 25%ක් නුපුහුණු ගුරුවරුන් බව අනාවරණය වි ඇති බවත්, මේ ඛේදනීය තත්ත්වය තුළ රටේ අනාගතය ප්රශ්නකාරි වන හෙයින් එය වහා වෙනස් කළ යුතුව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ “මේ වෙනස් කිරිමේ වගකීම අපිට පැවරෙනෙ බවත් රටට විනයක්, දර්ශනයක් සහිත නායකයෙක් ලැබුණ වෙලාවෙ, වැඩකරන නිහතමානී නායකයෙක් රට සරසන වෙලාවෙ කියව කියව ඉන්නෙ නැතිව, දරුවොත් එක්ක කියවමු යැයි ද අමාත්‍යවරයා යෝජනා කළේය.
එමෙන්ම පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණට අඩුවෙන් ලබාගත් පමණින් දරුවන් අසමතුන් ලෙස නම්කිරීම, ඔවුන් අදක්ෂයින් ලෙස හඳුන්වාදීම දෙමවුපියන් විසින් නොකළයුතු කටයුත්තක් බවත්, ශිෂ්‍යත්ව සමතුන්ගේ ඡායාරූප පාසල්වල ප්‍රදර්ශනය කරමින් ප්‍රශ්න පත්‍රවලින් සියයට 50කටත් වඩා වැඩියෙන් ලබාගත් එහෙත් ශිෂ්‍යත්වය සමත් යන කඩඉමට හසු නොවූ දරුවන් මානසිකව පසුබෑමට ලක්කිරීමත් සිදුනොකළ යුත්තක් බව ද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.