තේ වතු ආශ්රිතව වතු කම්කරුවන් පදිංචි වතු නිවාස ගිනි ගැනිම් පාලනය කිරිම සදහා වු විශේෂ සාකච්ඡාවක් නොර්වුඩ් ප්රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගේ සහ නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් යන මහතුන්ගේ ප්රධානත්වයෙන් (12) දින නොර්වුඩ් ප්රාදේශිය සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණ.
පසුගිය වසරේ තේ වතු ආශ්රිතව වැඩ කරන වතු කම්කරුවන් පදිංචි වතු නිවාස කිහිපයක්ම ගිනි ගැනිමට ලක් වි ආපදා කිහිපයක් සිදු වු නිසා 2021වසරේ එය අවම කිරිම සදහා යුධ හමුදාව , පොලිසිය , වතු පාලන අධිකාරිය , මානව සංවර්ධන භාරය , ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතනවල නිලධාරින් එක් කරගනිමින් ගිනි ගැනිම් අවම කරගැනිමේ සාකච්ඡාව පැවැත්වුණේ.
වතු නිවාස ගිනි ගැනිමට ප්රධාන හේතුන් කිහිපයක් මෙහිදි සාකච්ඡාවට භාජනය කල අතර වතු නිවාස සිවිලිම මත වියළි දර රැස් කිරිම , අනාරක්ෂිත අයුරින් විදුලි රැහන් ඇදිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට බදුන්විය.
මෙය සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමටත්, හදිසි ගිනි ගැනිමකදි විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමට ප්රථම විදුලි බලය විසන්ධි කිරිමට වතු කම්කරුවෙකු පුහුණු කර ඒ සදහා ක්රමවේදයක් සැකසිම සහ වතු පාලන අධිකාරියට ගිනි ගැනිම් පාලනය කරන ගිනි නිවිමේ උපකරණ ලබාදිම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.
රාජ්ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙල වතුකරය පුරා දියත් කරන බවයි නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියේ.