තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 15 දෙනෙකු අද (18) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹරුන් පැවති සුළඟත් සමග ඇවිස්සි අද දින දහවල් 11ට පමණ තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 13 දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, ඉන් බඹර ප්‍රහාරයෙන් තුවා ලැබු වතු කම්කරු කාන්තාවන් සිවුදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසුවේ.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.