වතුකම්කරුවන්ගේ වැටුප රු 50කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රය අමාත්‍ය මණ්ඩලයට ඉදිරි සතියේදී යොමු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හිදී අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය තිගාම්බරම් මහතාගේ දැඩි ඉල්ලීම මත අයවැයෙන් පොරොන්දු වූ පරිදි රු 50 තේ මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන වතුකම්කරුවන්ට ලබාදෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ තමන් පොරොන්දු වූ පරිදි අනිවාර්යයෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප රු 50කින් වැඩි කරන බවයි.
අයවැය කථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ බව කියා සිටි බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.