තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
වතු සමාගම් 20ක් විසින් එම පෙත්සම ගොනු කර තිබේ.
මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (22) කැඳවනු ලැබිය.