වැඩිහිටි දිමනාව,සමෘද්ධි දිමනාව ගන්න ආ පිරිසක් හිස් අතින්ම ආපසු ගෙදර යති
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දිමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ලක් ලබා ගැනිමට පැමිණි විශාල පිරිසක් පැය 8ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳි සිට ආපසු හිස් අතින් නිවස කරා පිටව ගොස් ඇත.
වැඩිහිටි දිමනාව අද (01) දිනයේ බගවන්තලාව තෙරේසියා වත්ත ග්‍රාමසේවා කාර්යාලයේදි ගෙවිමට පොරොන්දු වු බවත්, උදැසන 6 සිට පස්වරු 2 දක්වා ග්‍රාමසේවා කාර්යාල ඉදිරිපිට රැඳි සිටියත් එම මුදල ගෙවිමට ග්‍රාමසේවා නිලධාරිවරයා නොපැමිණි බවයි වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි පිරිස කියා සිටියේ.
නොර්වුඩ් සමෘද්ධි කාර්යාලය මගින් තමන්ට වියලි සලාක මල්ලක් සහ මුදල් ලබාදෙන බවට පොරොන්දු වුවත් එම නිලධාරින්ද අද දින තම වසමට නොපැමිණි බවයි බගවන්තලාව තෙරේසියා වත්ත වසමේ සමෘද්ධි ලාභින්ද චෝදනා කර සිටියේ.
වැඩිහිටියන් සහ සමෘද්ධි ලාභින් විශාල පිරිසක් එක් රැස් වි සිටිම නිසා එම ස්ථානයට පැමිණි බගවන්තලාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම පිරිසට එම ස්ථානයෙන් විසිර යන ලෙස කල ඉල්ලිමක් මත පිරිස ආපසු නිවැස් කරා පිටත්ව ගියහ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
