ඉල්ලීම් පිළිබඳව ප්රශ්ණ සාකච්ඡා කරන විසඳීමට කටයුතු නොකරන්නේ නම් වර්ජන ඇති වන බවත් ඒකාබද්ධ විපක්ෂය වැඩ වර්ජන පසුපස නොසිටි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (16දා) අතුරුගිරියේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“ඉල්ලීම් ගැන සාකච්ඡා කරලා ප්රශ්නය විසඳන්නේ නැත්නම් මිනිස්සු වැඩ වර්ජනවලට යොමුවෙනවා. මේක නවත්වන්න බෑ කාටවත්. අපි කිසිම වැඩ වර්ජනයක තාම පස්සේ හිටියේ නෑ. අපි වැඩ වර්ජනයේ හිටියානම් ලේසියෙන් අතහරින්නෙත් නෑ.”