වටවල ප්රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග වටවල දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානය පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටිමෙන් එම දුම්රිය ස්ථානය දැඩි අලාභ හානි සිදු වී ඇත.
(03) දින පස්වරු 2:00ට පමණ පස් කන්ද කඩා වැටුනු බවත්, පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි එක් සේවකයෙකු සිට ඇති බවත්, ඔහුට සුළු තුවාල සිදු වී ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ.
මේ අතර, හැටන් ඔය පිටාර ගැලීම නිසා වටවල ඥානානන්ද ගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැඩපහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත්, ඔහු සෙවිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වටවල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.


