එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (09දා) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.
මීට අමතරව ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ සහ සාමාජිකයන්ගේ වැටුප් හා දීමනා වැඩිවීම සම්බන්ධයෙන් වූ විවාදයද අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.