මුත්තු නගර් අක්කර 800 කට අයත් භූමි ප්‍රදේශයක් ඉන්දියානු සූර්ය පැනළ සවිකරණ සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතල තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම් වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම් යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ත්‍රිකුණාමලය, මුත්තු නගර් ගොවිබිම් අක්කර 800 ක් ඉන්දියානු සමාගමකට ලබා දීමට යෑම පිළිබඳ සොයාබැලීමට මුත්තු නගර් පැමිණ ජනතාව හමුවීමෙන් පසු සිදුකළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා එසේ කීහ.
තවදුරටත් අදහස් දැක්වූ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා කුඹුරු අස්වද්දන්න කියලා ආණ්ඩුව කියනවා.කැඩුණු වැව් ටික හදන්න ආණ්ඩුව ආව කිව්වා. දැන් තියෙන වැව් ටිකත් මුත්තු නගර් වල කඩලා දානවා. පුරන් කුඹුරු අස්වද්දන්න ආපු ආණ්ඩුව මෙන්න අස්වද්දන්න තිබුණු කුඹුරු ටික සමාගම් වලට දෙනවා. ආණ්ඩුවට මේක කරනවා නම් වෙනස් සාධාරණ විදිහකට කරන්න තිබුණා. ගොවියෝ ටික බේරලා ඉඩන් හිමියන් බේරලා ආණ්ඩුවට මේක කරන්න තිබුණා. ආණ්ඩුව කලේ බොරු පොරොන්ද දීලා ජනතාව අන්දලා ඡන්ද ටික කොල්ල කාලා මෙන්න දැන් ගොවියන්ගේ පස්ස පැත්තට පයින් ගහලා දැන් මේ ඉඩන් ටිකෙන් පලයන් යන්න කියලා කියනවා .
ඡන්දෙට කලින් මේ ආණ්ඩුවේ නියෝජිතයින් ඇවිල්ල කිව්වේ මේ ඉඩම් ටික දෙන්නේ නැහැ මැරුණොත් තමන්ගේ මරණය මතින් තමයි මේ ඉඩන් ටික ඉන්දියාවට ගන්න වෙන්නේ කියලා. එහෙම කියපු අය දැන් කියනවා ඇවිල්ලා මේ ඉඩම් ටික දෙන්න කියලා.සූර්ය විදුලිය භාවිතයට ගන්න ඕනා. ඒකට ක්‍රමවේදයක් හදන්න ඕන ගෙවල්වල තියෙන සූර්ය පැනල සවි කරන අයට දිරිමත් කරන්නෙ නැති ආණ්ඩුව ඉන්දියාවේ සූර්ය පැනල සමාගමකට මේ ඉඩම් දීම විහිළුක් යැයි කීය.