ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි චුම්භක සහ විකිරණශීලීතාව සම්බන්ධ ගුවන්ගත සමීක්ෂණයක් එළඹෙන වසරේ මුල් මාස 06ක කාලය තුළසිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සලසුම් කර තිබේ.
ආර්ථික වශයෙන් ඵලදායී විකිරණශීලී ඛනිජ ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන මෙම සමීක්ෂණ කටයුතුවලදී ශ්‍රී ලංකාවේ පිහිටීමේ භූගෝලීය ලක්ෂණ අනුව කඳුකර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් හා තැනිතලා ප්‍රදේශවලදී ගුවන්යානා යොදා ගැනීමට නියමිතය.
මෙම සමීක්ෂණයෙන් ලබා ගන්නා දත්තමගින් දිවයින පුරා පිහිටි විකිරණශීලී ඛනිජ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු විධිමත් ලෙස අධ්‍යයනය කිරීමක් සිදු වන අතර, අනතුරුව ආර්ථික වශයෙන් ඵලදායී විකිරණශීලී ඛනිජ සම්පත් අඩංගු ප්‍රදේශ හඳුනාගැනීමට අපේක්ෂිතය.
ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ඛනිජ ගවේෂණ කටයුතු ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේද සහයෝගයෙන්භූවිද්යාසමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර,එහිදී මේ වනතෙක් සිදු කරන ලද සමීක්ෂණවලට අනුව මාතලේ ප්‍රදේශයේ විකිරණශීලීතාව අධික ප්‍රදේශ 03ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඒවාපිළිබඳවූ වැඩිදුර සමීක්ෂණ කටයුතු භූවිද්යාසමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කෙරෙමින් පවතී.
වර්ෂ 2000 ආරම්භයත් සමග ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA), ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලය (SLAEB) සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB)එක්ව ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි යුරේනියම් සහ තෝරියම් ඛනිජ ගවේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එම ව්‍යාපෘතිය යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේ නිලධාරීන් විකිරණශීලීතාව පිළිබඳ පුහුණු වැඩසටහන් වෙත සම්බන්ධ කරන ලදී.
එහිදීජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරිත්‍යාගයක් ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයවෙත ජංගමවිකිරණමාන පද්ධතියක් (Carborne Mobile GammaRay Spectrometer) හා එම විකිරණශීලීතාව මැනීමට අවශ්‍ය එක්ස් කිරණ ප්‍රතිදීප්තතා වර්ණාවලීක්ෂමානයක් (XRF) ලැබුණු අතර,මෙම උපකරණ භාවිත කරමින් දැනට ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ඛනිජ ගවේෂණ කටයුතු එම කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම සමීක්ෂණ යටතේ විකිරණශීලීතාව සම්බන්ධව දිවයිනම ආවරණය වන පරිදි 1:100,000 සිතියම් සකස් කෙරෙන අතර,එලෙස සකස් වූ දඹුල්ල, පල්ලේගමහානුවර, හඟුරන්කෙත යන සිතියම් ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වනවිට අදාළසමීක්ෂණ කටයුතු අවසන් කර තිබේ.
ඒයටතේඉහත සඳහන් කළ මාතලේ ප්‍රදේශයේ විකිරණශීලීතාව අධික ප්‍රදේශ 03ක් හඳුනාගෙන ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යාඥයන් සමත්ව තිබිණි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් හා 2019 වසරේදී සිදු කිරීමට නියමිත සමීක්ෂණය සම්බන්ධවවූ ගුවන්ගත සැලසුම පහත දැක්වේ.