නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (16) සේරුනුවර ප්රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාව තුළ සිදුවන ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නිරන්තර අවධානය යොමු කරමින් කටයුතු කරනු ලබන ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සේරුනුවර ප්රදේශයේ සිදු කල වැටලීමකදී නීතිවිරෝධී ලෙස ලැගුම්හලක සඟවා තිබූ වාලම්පුරි දෙකක් (02) සොයා ගැනීමට සමත් විය.
එහිදි ලැගුම්හලේ සිටි සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම වාලම්පුරි දෙක කිලෝග්රෑම් 1.6ක බරකින් යුක්තය.
මෙම වාලම්පුරි අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 37 සහ 57 වන වියෙහි පසුවන පන්කුලම, සිංහගම සහ සේරුනුවර යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම සැකකරුවන් සහ වාලම්පුරි සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සේරුනුවර, පොලීසිය විසින් සිදු කරනු ලබයි.