ගොවීන්ගේ වැඩි තෙතමනය සහිත වී, වේලා මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට නවීන පන්නයේ යන්ත්‍ර ලබා දෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි තිස්සමහාරාම රුහුණු මාගම්පුර ප්‍රදේශයේ මෙවර මාස් කන්නයේ අලුත් සහල් මංගල්‍යයට ඊයේ (19දා) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
සුදු කැකුළු සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම යල් කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 4900ක් ලබා දී තිබෙන අතර ජල පහසුකම් හිඟවීම නිසා වී වගා කළ නොහැකි වූ ගොවීන්ට නියං ආධාර ලබාදීමට රුපියල් මිලියන 38000ක මුදලක් වෙන් කර තිබෙනවි. මේ අතර වී වගාව මෙන්ම කොස් සහ පළතුරු වගාව ඉහළ නැංවීමට ද පියවර ගන්නවා.
මේ වනවිට වැව් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇති අතර සහල්, පලතුරු, එළවළු අපනයනය කොට ගොවීන්ට වැඩි මුදලක් ලබාගැනීමට හැකිවන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. මිරිස්, රට කජු, බඩඉරිඟු ආදියෙන් ද රට ස්වයංපෝෂිත කිරීම අරමුණ වන අතර අපේ ගොවියා මුළු ලොවටම ආදර්ශවත් ගොවියෙකු බවට පත් කිරීමේ කාර්යභාරය දැන් අරඹා තිබෙනවා. තවද පාරිභෝගිකයන්ට වස විසෙන් තොර ආහාරපාන ලබාදීමට ගොවීන් පෙළඹවීම සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබෙනවා. යැයිද පවසා සිටියේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට