ඉන්දියන් සාගරයේ මධ්‍ය යේ පිහිටි ශ්‍රී ලංකා ඉන්දියන් සාගරයේ බලවතා බවත් ආසියාවේ බලවතා වන්නෙත් ශ්‍රී ලංකා බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16 දා) සවස අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
"ලෝක සිතියමේ ආසියාවට යටින් එල්ලිලා තියෙන එක තමයි මුතු ඇටේ කියලා අපිට උගන්නල තියෙන්නෙ, ඒක වැරදියි. මේ සිතියම අනිත් පැත්ත හරවල බලන්න ඕනේ දැන් උඩින්ම තියෙන්නේ ලංකාව. මේක ආක්‍රමණය කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දැන් ආක්‍රමණය කරන ඇමරිකාව, ජපානය, ඉන්දියාව, චීනයට ලංකාව මග ඇරලා යන්න බැහැ.
ලංකාව මග හැරලා දෙපැත්තෙන් යන්නත් බැහැ. ඇතුලෙන් යන්නත් බැහැ. අපට යටින් තියෙන්නෙ ඇන්ටාටිකාව. ඉන්දියන් සාගරයේ මධ්‍ය කේන්ද්‍රය තමයි ලංකාව, ඉන්දියන් සාගරයේ බලවතා තමයි ලංකාව, ආසියාවේ බලවතා වෙන්නේත් ශ්‍රී ලංකාව,
අපිට වඩා පුංචි රටක් තමයි සිංගප්පූරුව ලී කුවාන් යූ ඒ රට දියුණු කරල තියෙනවා සැලැස්මකට අනුව, ඉන්දියාව ලංකාවට හිතවත් වෙනවට චීනය බයයි. චීනය අපිට හිතවත් වෙනවට ඉන්දියාව බයයි. ඒක තමයි අපේ ගැම්ම, අපි ස්වෛරිත්වය රැක ගත්තොත් මේ දෙගොල්ලටම අපිව නැතුව බැහැ.
හැම රටකටම අපි ඕන වෙන විදියට අපි ගොඩ නැගෙන්න ඕනෙ, දැන් මොකද වෙලා තියෙන්නේ හැම රටකටම අපිව එපා වෙලා තියෙන්නෙ. එක රටක් පස්සේ ගිහින් බොරු කියලා හැරෙන කොට අනිත් රටට බොරු කියනවා. හැම රටටම එහෙම බොරු කිව්වට පස්සේ මුළු ලෝකෙම අපිව හඳුන්වන්නේ කපටියෝ කියලා. "
