ශ්‍රී ලංකාවට අයවැය ආධාර වැඩසටහනක් යටතේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට නියමිතය.
මෙම අරමුදල් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කළ ආධාර වැඩසටහනින් පසුව ශ්‍රී ලංකාවට ලැබෙන විශාලම අරමුදල වෙයි.