ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීම, රැකියා නිර්මාණය කිරීම සහ කෘෂි ආහාර අංශයේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අරමුණු කරගත් ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහය අතර ඇමරිකානු ඩොලර් මිලියන 100 ක නව හවුල්කාරිත්වයකට ගිවිසුම් ගතව තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව පුරා 380,000 කට අධික ජනතාවක් ප්රතිලාභ ලැබීමට නියමිතය.
මෙම වැඩසටහන ඒකාබද්ධ “රූබන්” (Ruban) (ග්‍රාමීය හා නාගරික/ Rural and Urban) ලෙස නම්කර ඇති අතර ඒ හරහා සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය, කෘෂි ආහාර නිෂ්පාදකයින් 8,000 කට සෘජුවම සහාය දීම, හෙක්ටයාර 71,000 ක ඉඩම්වල වාරිමාර්ග සහ ජලාපවහන සේවා වැඩිදියුණු කිරීම සහ අස්වැන්න වැඩි කරන සහ පාඩු අඩු කරන නවීන, දේශගුණික-බුද්ධිමත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට කුඩා වතු හිමියන්ට උපකාර කරනු ඇත. කෘෂි ව්‍යාපාර වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම මගින් ග්‍රාමීය ප්‍රදේශවල - විශේෂයෙන් තරුණයින් සහ කාන්තාවන් සඳහා - නව රැකියා උත්පාදනය කිරීම ද එහි අරමුණයි.