ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකට ඉන්දීය කණ්ඩායම එයි
2025 - 2027 ලෝක ටෙස්ට් තරගාවලියේ ( World Test Championship ) තරග දෙකක් සදහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 08/04 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙහි පළමු තරගය එළඹෙන 08/15 දින සිට 08/19 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතය .මෙහි දෙවන තරගය එළඹෙන 08/23 දින සිට 08/27 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ( S.S.C.)පැවැත් වීමට නියමිතය .
ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල 05 වන ස්ථානයේ ඉන්දියාව පසු වන අතර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල 06 වන ස්ථානයේ පසු වන බැවින් , දෙරටටම මෙම ටෙස්ට් තරග දෙක අතිශයින්ම වැදගත් වේ .
මෙම ටෙස්ට් තරග දෙකට සූදානම් වීම සදහා 08/07 සිට 08/10 දින දක්වා කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගනයේ දී පෙරහුරු තරගයක් පැවැත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ .
මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 08/04 දින සවස 03.50 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
