2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ගෝලීය සංචාරක වේදිකාවක් වන ‘Big 7 Travel’ මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ‘ලොව හොඳම දූපත් 50’ (The 50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ලංකාව මෙලෙස ප්‍රථම ස්ථානයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු අතර සැතපුම් 833ක් දිග මනරම් වෙරළ තීරය, මීදුමෙන් වැසුණු මධ්‍යම කඳුකරය සහ සශ්‍රීක තේ වතු, පොහොසත් සංස්කෘතික උරුමය සහ විශිෂ්ට ජෛව විවිධත්වය, වනජීවී සංචාර සඳහා ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය පර්වත බළකොටුව ඒ අතර ප්‍රධාන වේ.
ශ්‍රී ලංකාවට පසුව ප්‍රංශ පොලිනීසියාව (මෝරියා), යේමනය (සොකෝත්‍රා), පෘතුගාලය (මැඩෙයිරා), ඉක්වදෝරය (ගැලපගෝස් දූපත), බහමාස් (ග්‍රේට් එක්සියුමා), සීෂෙල්ස්, අයර්ලන්තය (අචිල් දූපත), තායිලන්තය (කෝ ලයිප්) සහ ග්‍රීසිය (මිලොස්) නම් කර තිබේ.