2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Raid Amazones - 2022 තරගාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්රවෘත්ති නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී .
මෙම තරගාවලිය සීගිරිය පර්වත බලකොටුව ආශ්රිත ප්‍රදේශය මුල් කර ගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
මෙම තරගාවලියේ පළමු අදියර 2022 මාර්තු මස 13 දින සිට මාර්තු මස 23 දින දක්වා ත් , එහි දෙවන අදියර 2022 මාර්තු මස 27 දින සිට අප්‍රියෙල් මස 06 වන දා දක්වා පැවැත්වීමට නියමිතය .
මෙම තරගාවලිය සදහා ප්‍රංශයෙන් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 550 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය .
එමෙන්ම මේ ක්‍රීඩා තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණිය සතු ඒ. - 330 වර්ගයේ එක් ගුවන් යානයක් සීගිරිය පර්වත බළකොටුව පසුබිම් කර ගත් මෙම තරගාවලියේ නිල ලාංජනයෙන් හැඩ ගැන්වීමට කටයුතු කර තිබේ .
මෙසේ හැඩ ගැන්වූ මෙම ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර වෙත පමණක් නොව , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු අනෙකුත් ගුවන් යානා සමගින් ලොව පුරා ගමනාන්ත වෙත ගුවන් ගැනීමට නියමිතය .

