ලොරියක් සොරකම් කළ පළා යමින් සිටියදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට තවත් හතරක් රෝහලට
කඳාන පොලිස් වසමේ මරියා මාවත ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර ඊයේ රාත්‍රී කාලයේ පලායමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවට කඳාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ව්‍යාපාරිකයෙකුගේ නිවසක නවතා තිබූ ලොරි රථයක් මෙලෙස සොරකම් කරගෙන යමින් සිටි සැකකරුවෙකු පසුපස ලොරි රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ ඇති අතර සැකකරු බටගම දෙසට ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් අනතුරට ලක් කර නොනවත්වා පලා යන අතරතුර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ද ගැටී අනතුරුව ලොරි රථය තාප්පයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.
මෙම අනතුර හේතුවෙන් පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හා දෙවන අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙවන අනතුරේ යතුරු පැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 43 ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථය සොරකම් කර අනතුරු සිදුකළ සැකකරු ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන කඳාන පොලිසිය වෙත භාරදී ඇති අතර සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. සැකකරු වයස අවුරුදු 46 ක් වන ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

