අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් අඩි 150 පමණ ප්‍රපාතයෙන් පාසල් ගොඩනැගිල්ලක් මතට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙම අනතුර අද (31දා) පස්වරු 1.30 පමණ සිදු වි ඇත්තේ බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදිය.
බගවන්තලාව පෙට්රෝසෝ වතු යායේ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථය පාසලට ඉහලින් වු ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථය අඩි 150ක ප්‍රපාතයෙන් වු කැම්පියන් දමිල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට පෙරලි ලොරි රථය නතර වි මෙම අනතුර සිදු වි ඇත.
ලොරි රථය පාසල් ගොඩනැගිල්ල මතට පෙරලෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුල පාසල් ළමුන් කිහිපදෙනෙකු සිටි බවත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවුවත් පාසල් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසීය.
ලොරි රථයේ රියදුරා බිමත්ව සිටි බවද බගවන්තලාව පොලිසිය පැවසිය.


