අවිස්සාවේල්ල සිට දංකොටුව තඹරවිල ප්රදේශයේ පිහිටි ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්රවාහනය කල කුරුණෑගල මීගමුව ප්රධාන මාර්ගයේ ගමන්කල ලොරි රථයක් අද (30දා) අඵයම දංකොටුව යෝගියාන මන්සන්ධිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ පාලමේ පැති බැම්ම කඩාගෙන ඇළට පෙරලී ඇති බව දංකොටුව පොලීසිය පවසයි.
මෙම අනතුරින් ලොරිරථයට දැඩි හානි සිදුව ඇති අතර රියදුරු සුඵ තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි. ලොරි රථයේ රියදුරුට නින්දයෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පහල කර සිටියි.
දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්න මහතා ඇතුඵ කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පන්නල-හේමා රාජපක්ෂ
