ලොරි - මොටර් රථ ගැටුමෙන් දෙදෙනෙක් මරුට
පිටිගල -නියාගම මාර්ගයේ මත්තක පදේශයේ අද (25) පස්වරුවේදී වැලි පැටවූ ලොරිරථයක් සහ මෝටර් රථයක් මුහුණය මුහුණ හැටී මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
මේ අනතුරිම් මිය ගොස් ඇත්තේ පිටිගල පදේශයේ පදිංචි එළවළු වයාපාරිකයකු වන චින්තක බණ්ඩාරිගොඩ සහ ඔහුගේ පියා බවද පොලීසිය කියයි.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාම මිය ගිය අයගේ පවුලේ ඥාතීන් බවත් එම දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඇල්පිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි.
නියාගම සිට පිටිගල දක්වා පැමිණෙමින් තිබූ මෝටර් රථයේ පිටිගල සිට නියාගම දක්වා පැමිණඉන් තිබූ වැලි පටවාගෙන එන ලොරි රථයක් මේ අනතුරට ලක්වී තිබෙන බවද පොලීසිය කියයි.පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



කරන්දෙණිය එම්.සුසිල් පියන්තර/ ඇත්කදුර ජනක් ද සිල්වා සහ රවිද්ර ලියනගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

